මාර්තු 12 සමාජයට අතිශය වැදගත් ව්‍යාපාරයක් – මල්වතු අනුනාහිමි

මාර්තු 12 ව්‍යාපාරය සමාජයට අතිශය වැදගත් සමාජ ව්‍යාපාරයක් බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසූයේ ඊයේ (02) මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් මල්වතු, අස්ගිරි හා රාමඤ්ඤ නිකායන්හි මහා නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.

දේශපාලන සංස්කෘතියේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයද මෙතරම් පිරිහිරීමට ලක්ව ඇත්තේ ව්‍යාකූලතා ඇතිවූ විට ඒ සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යනය කිරීමක් සිදුනොකිරීම හේතුවෙන් බවයි එහිදී අනුනාහිමියන් පෙන්වාදුන්නේ.

එමෙන්ම උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ වර්තමානයේ දේශපාලන පක්ෂයන්හි හරවත්භාවය පිළිබද බරපතල ගැටලුවක් ඇති බවයි. තවද රට තුළ පවතින්නේ ජනවාර්ගික ගැටලු පමණක් නොවන බවත් ඒවා පිළිබදව බරපතල සංවාදයක් රට තුළ ඇතිවිය යුතුව ඇති බවත් අනුනාහිමියන් එහිදී පෙන්වාදුන්නේය.

LEAVE A REPLY