යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තවත් වැඩමුලුවක්

මාර්තු 12 ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය එක්ව සංවිධානය කරන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බලගැන්වීමේ වැඩමුලු මාලාවේ තවත් වැඩමුලුවක් ඊයේ (26) හා පෙරේදා (25) දෙදින තුළ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය මෙම වැඩසටහන මෙහෙයවූ අතර ආරාධිත දේශකයින් වශයෙන් නීතීඥ ජගත් ලියනාරච්චි හා ආචාර්ය සමන් වීරවංශ යන මහත්වරුන් සහභාගීවූහ.

ස්වාධීන් කොමිෂන් සභාවන්හි කාර්යභාරය, තොරතුරු දැනගැනීමේ පනත, අල්ලස හා දූෂණය පිටුදැකීමෙහිලා යෞවනයන්ගේ කාර්යභාරය, නායකත්ව පුහුණුව යන ක්ෂේත්‍රයන් කෙරෙහි මෙහිදී වඩාත් අවධානය යොමුවූ අතර වැඩමුළුවට සහභාගීවූ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහත් උනන්දුවෙන් ඊට සහභාගීවී සිටිනු දක්නට ලැබින.

LEAVE A REPLY