About Us

මාර්තු 12 ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ ඇයි?

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ ජනතා පරමාධිපත්‍ය නිසිලෙස ක්‍රියාත්මකවීමට නම් ජනතාව විසින් පත්කර යවන ලද ජනතා නියෝජිතයින් පොදු මහ ජනතාව සෑහීමකට පත්වන අයුරින් කටයුතු කල යුතුය. ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව සලකා බැලීමේදී එලෙස පුරවැසියන්ට සෑහීමකට පත්විය හැකි අවස්ථා සීමිතය.

මෙම තත්ත්වය වෙනස් කරලීම සඳහා ගතහැකි සාධනීය පියවර ලෙස පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම දැක්විය හැකිය. මාර්තු 12 ව්‍යාපාරය අවශ්‍ය වන්නේ උක්තව කී දේශපාලන සංස්කෘතියේ අවභාවිතයන් ප්‍රතිසංස්කරණය කරලීම සඳහාය.

මාර්තු 12 ව්‍යාපාරය

දේශපාලන ප්‍රතිසංස්කරණ හරහා වඩා ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමවේදය අනුගමනය කරමින් යහපත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා සිවිල් සංවිධාන ඇතුළු ප්‍රගතශීලී පිරිස් ඒකරාශීව ගන්නා ලද සාමූහික ප්‍රයත්නයේ කූඨ ප්‍රාප්තිය මාර්තු 12 ව්‍යාපාරයයි.

දීර්ඝ කාලීනව පැෆ්රල් සංවිධානය දේශපාලන ක්ෂේත්‍රයේ සිදුකරන ලද සමීක්ෂණ සාකච්ඡා ආදියෙන් ලබාගන්නා ලද නිගමනයන් මත පිහිටමින් දේශපාලන සංස්කෘතිය වඩාත් යහපත් කරවීම සඳහා මැදිහත් විය යුතු ආකාරය තීරණය කිරීම සිදුකරන ලදී.